අධිවේගයට හරස් කැපූ පඬුකරදගහ ගලවන් යයි

2025 ජනවාරි මස 23 පෙ.ව. 03:37 - {{hitsCtrl.values.hits}}  

කොළඹ - නුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු සැලසුම් කිරීමේදීකපා ඉවත් කිරීමට සූදානම් වූඅවස්ථාවේ පරිසරවේදීන්ගේ විරෝධතා මැද ආරක්‍ෂා කෙරුණු ඉපැරණිගසක් වූ පඬුකරදගහ  කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් ගලවා ඉවත් කරගෙන රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති.

වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේපිහිටි එම පඬුකරදගහ වසර 100කටත් වඩා ඉපැරණි ගසක් බවද ප්‍රදේශවාසීහු පවසති.

අධිවේගී මාර්ගයඉදිකිරීමේදී එම ගස බාධාවක් වන්නේ නම්, ගස එම ස්ථානයෙන් ගලවා වෙනත් ස්ථානයක සිටුවීමටද සැලසුම් කර තිබූ බව ඔවුහු සඳහන් කළහ.එනමුත් බැකෝ යන්ත්‍ර දෙකක් පටවාගත් ලොරිරථයකින් පැමිණිපිරිසක් ඉතා කෙටි කාලයකදී එම ගස ගලවා ඉවත් කර බැකෝ යන්ත්‍ර පටවාගෙන පැමිණි ලොරි රථයටමපඬුකරදගහපටවාගෙන රැගෙන ගිය බව එම පිරිස් පවසා සිටිති. 

එම ගස ගලවා ඉවත් කිරීම සඳහා චීන සහ සිංහල ජාතිකයන් පිරිසක් පැමිණ සිටි බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් සඳහන් කරති. (wmdjbm)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...