අපේක්ෂාවේ ගම්මානයට චීන තානාපති මුල්ගල් තබයි

2025 මාර්තු මස 12 ප.ව. 04:55 - {{hitsCtrl.values.hits}}  

ලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කන්ද ගම්මානයේ චීනයේ දායකත්වය මත ඉදිකරන අපේක්ෂාවේ ගම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා ඇතුළු පිරිසක් මුල් ගල් තැබීය.

පසුගිය 27 දා  මෙසේ මුල් ගල් තැබූ අතර එහිදී සෞඛ්‍ය මධ්‍යස්තානයක්, ප්‍රජා මධ්‍යස්ථානයක්, කෘෂි මධ්‍යස්ථානයක් හා ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතය.මේ හරහා රැකියා අවස්ථා 720ක් පමණ බිහිවන බව චීන තාලාපති කාර්යාලය පවසයි.

හම්බන්තොට වරාය සමූහය හා චීන මර්චන්ට් පදනම මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂයකි.

මීට සමගාමව එම ගම්මානයේ ස්ථාපති කළ තොරතුරු තාක්ෂණ හා අධ්‍යාපන මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය පරිගණක තොගයක්ද පරිත්‍යාග කළ අතර ප්‍ර දේශයේ දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ හා පැන්ඩා බොනික්කන් පරිත්‍යාගයක්ද සිදු කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...