2025 අප්‍රේල් මස 07 ප.ව. 06:46 - {{hitsCtrl.values.hits}}
අලි ඇතුන්ට හිසතෙල් ගෑමෙ චාරිත්‍රය අද 17 උදෑසන පින්නවලදී සිදුකෙරුනි. අද දිනට යෙදිතිබූ අවුරුදු චාරිත්‍රය මේ අයුරින් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
සංඝරත්නය වැඩම කරවා දීර්ඝායු සහ නිරෝගී චිර ජීවන ප්‍රාර්ථනය පෙරදැරිව පිරිත් සජ්ජායනාව සුදුකිරීමෙන් අනතුරුව පින්නවල අලි අනාථාගාරයේ රැකවරණය ලබන අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමේ මංගල්‍යය අද දින පූර්ව භාග 7.16 ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.
මෙම හෙළ සංස්කෘතිකාංගයට සමගාමීව අලි ඇතුන්ට පළතුරු, රස කැවිලි, කිරිබත් ඇතුළු ආහාර වලින් සංග්‍රහ කල අතර මෙම අවස්ථාවට දේශපාලන නායකයන් සහ රඹුක්කන පින්නවල අලි අනාථාගාරයේ කාර්‍ය මණ්ඩලයද එක්වූහ.
![]() |
diary Read more... |