අවුරුදු 18 වන තුරු ළමයි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:24 - {{hitsCtrl.values.hits}}  

ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කිරීමට රජයේ අවදානය යොමු වී ඇත. 
ඒ සඳහා වන යෝජනවාවක් අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ලංකාදීපය වාර්තා කරයි. මෙයින් ළමයින් ලෙස සැලකෙන වයස් සීමාව අවුරුදු 18 දක්වා වැඩි කරන්නැයි විවිධ පාර්ශව විසින් රජයෙන් ඉල්ලා තිබිණී. මේ අතර තරුණයින් ලෙස සැලකෙන වයස් සීමාය 18 ත් 22 ත් අතර ලෙස සංශෙෘ්ධනය කෙරෙනු ඇතැයි වාර්තා වන බව ලංකාදීපය රජයේ තොරතුරු උපුටා දක්වමින් පෙන්වා දෙති. දැනට තරුණ වයස් සීමාව ලෙස අවුරුදු 16 ත් 22 අතර වයස් සීමාව සැලකේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...