අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන්ට රු. 6000 දිමේ බලය විදුහල්පතිවරුන්ට

2025 ජනවාරි මස 04 ප.ව. 10:03 - {{hitsCtrl.values.hits}}  

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපි‍යල් 6,000 ක දීමනාව ලබාදීමේදී ඒ සඳහා සුදුසු දරුවන් තෝරා ගැනීම දිවයිනේ පාසල් වල විදුහල්පතිවරුන්ට පවරා ඇත. 

 එවැනි දරුවන් තෝරාගැනීම පාසල් මට්ටමින් සිදුකරන බවත්, තම පාසලේ සිටින මෙම සහනය ලැබිය යුතු දරුවන් සම්බන්ධයෙන් සොයාබලා ලේඛන සකස් කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට අවස්ථාව ලබා දී ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

 විදුහල්පතිවරු  තෝරාගන්නා සුදුසුකම්  ඇති ළමයින්ගේ ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කිරීමෙන් පසුව එම දරුවන්ට ද රුපියල් 6,000 දීමනාව ලබාදීමට රජය තීරණය කොට තිබේ.

එහිදී හිමිවන්නේ වවුචර් පතක් ද, නැතහොත් ගිණුමකට මුදල් බැරවන්නේ ද යන්න මුදල් අමාත්‍යංශය ඉදිරියේදී දැනුම් දෙන බව ද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

කමල් ශ්‍රී ලියනගේ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...