ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ කුටියක් සියලු ආයතනවලට

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 04:02 - {{hitsCtrl.values.hits}}  

රටේ සියලුම ආයතනවල ඒ ඒ ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කෙරෙන “පුරා කුටියක්” (Archicell) ආරම්භ කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාණය නිරූපණය වන තැනක් එහි පවා නැති බවත් දෙපාර්තමේන්තුවෙන් මෙම කටයුත්ත ආරම්භ කරන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා  ලංකාදීපයට පැවැසීය.

දෙපාර්තමේන්තුවේ ආරම්භය, අතීතය, අතීතයේ සිටි ප්‍රධානින් ගේ සිට කම්කරුවා දක්වා සියලු ‍දෙනාගේ තොරතුරු එම කුටියේ එක් රැස් කරන බව ද හෙ‍තෙම සඳහන් කළේය.
සෑම පුරා විද්‍යා ස්ථානයකම මෙවැනි කුටි ආරම්භ කරන බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී ව්‍යාපෘතිය රටපුරා ගෙන යාම තම අරමුණ බව ද කීය.

විශේෂයෙන් වර්තමානයේ බොහෝ තොරතුරු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එක්රැස් කළ හැකි බැවින් විශාල ඉඩකඩක් මේ සඳහා අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පාසල්, ඇතුළු  සියලු ආයතවල මෙසේ පුරා කුටි ඇරඹීමට ආරාධනා කරන බවත් ඒ සඳහා දෙපාර්තමේන්තුව යෝජනා කරන්නේ විශාල ඉඩකඩක් නොව කුඩා කාමරයක් හෝ කබඩ් එකක් වුව ප්‍රමාණවත් බව යැයි ද මනතුංග මහතා කීය.

අදාල ආයතනයේ ඉතිහාසය සම්බන්ධ දත්ත සහිත පුරා කුටියක් නිර්මාණය කරන ලෙස පාසල්වලට හා රාජ්‍ය ආයතනවලට ලිඛිත ඉල්ලීමක් යවන බව පැවසූ මහාචාර්යවරයා එහි දී අවශ්‍ය උපදෙස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ල බා දෙන බව ද සඳහන් කළේය. (විනීතා එම් ගමගේ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...