2025 අප්‍රේල් මස 25 ප.ව. 06:49 - {{hitsCtrl.values.hits}}
සෞදි අරාබියේ පැවති 06 වන ආසියානු යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ
වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගෙන මෙතෙක් මෙම තරගාවලියක දී දැක්වූ උසස්ම දක්ෂතා දක්වා 04/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය සෞදි අරාබියේ දමාම් නුවර , ආසියානු රටවල් 43 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත්
04/15 දින සිට 04/18 දින දක්වා පවත්වා තිබුණි.
එහිදී මීටර් 800 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ තරුෂි අභිෂේකා රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .
එසේම මෙම තරගාවලියේ දී තුන් පිම්ම ඉසව්ව සදහා සහභාගී වූ අවිශ්ක ජෙන්කින්ස් , මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු සහ කාන්තා මෙඩ්ලි සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ ධනංජනා ප්‍රනාන්දු , තරුෂි අභිෂේකා ,හිමාෂනී සංසලා සහ දිල්කි නිහාරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියහ .
මීට අමතරව මෙම තරගාවලිය සහභාගී වූ උස පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ පවන් නිත්‍ය , මීටර් 800 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ සවිදු අවිශ්ක , මීටර් 1,500 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ හිරු අචිත්ත සහ කාන්තා තුන් පිම්ම ඉසව්වට සහභාගී වූ දිල්කි නිහාරා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියහ .
පදක්කම් දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 04/20 දින අලුයම 02.40 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම , මොවුන් ඉගෙනුම ලබන පාසැල් වල සිසුන් , ගුරුභවතුන් , විදුහල්පතිවරුන් මෙන්ම ඔවුනගේ දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
![]() |
diary Read more... |