ඇමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩන්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 12:34 - {{hitsCtrl.values.hits}}  

ඇමෙරිකා එක්සත් ජනපදයේ අතිශය උණුසුම් වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ජයග්‍රාහකයා බවට අවසානයේදී ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් පත්ව තිබේ.

පෙන්සිලිවේනියා ප්‍රාන්තයත් බයිඩන් වෙත නතුවීමත් සමග සමූහ ඡන්ද 270ක් ඉක්මවා යමින් බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වනු ඇත.

තත්ත්වය මෙසේ වුවද මේ වනවිටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද ගණන් කර අවසන් නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

නමුත් තවමත් ඩොනලඩ් ට්‍රම්ප් ඡන්ද සමූහ 214ක් පමණක් හිමිකරගෙන සිටින අතර, ඔහුට කිසිම අයුරකින් ඡන්ද සමූහ 270 ඉලක්කය පසුකිරීමට හැකි වාතාවරණයක් නොමැති බව විදෙස් වාර්තා පවසයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...