ඉන්සියුලින් නිපදන කර්මාන්ත ශාලාවක ඉදිකිරීම් අරඹයි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:37 - {{hitsCtrl.values.hits}}  

මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරට සිදු කෙරෙන ආයෝජකයන්ට විශේෂ සහන ලබාදීමටද අපේක්ෂා කරන බවයි.

කොග්ගල අපනයන සැකසුම් කලාපයේදී ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගියදාබමේ බව සඳහන් කලේය.

දියවැඩියාව සඳහා ලබාදෙන ඉන්සියූලීන් ඖෂධය ඇතුළු තවත් ඖෂධ 33ක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකිරීම් ඇරඹුණු මෙම කර්මාන්ත ශාලාව රදැල්ල සමූහ ව්‍යාපාරයේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. එය රුපියල් බිලියන 3.5ක ආයෝජනයකි. වසර දෙකක් තුළ මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිතයි.

කර්මාන්ත ශාලාව ඉදිකර සිය නිෂ්පාදන ඇරඹීමත් සමග වෙලඳපොලේ ඇති වටිනාකමින් 1/3ක මිලකට ඖෂධ සැපයීමට හැකිවන බව නව සමාගම කියයි. ඒ අනුව ඖෂධ සඳහා වසරකට පිටරටට ඇදී යන ඩොලර් මිලියන 10ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...