ඉස්කොලෙදිම ජපන් ඉගෙනීමට අවස්ථාව

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 06:03 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රීලංකාවේ පාසල් දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාව ලබාදීම සඳහා යෝජනා වී තිබේ.

දැනට ක්‍රියාත්මක තාක්‍ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමට අනුව එරට ක්ෂේත්‍ර 14ක රැකියා සඳහා අයඳුම්කිරීමට ශ්‍රී ලාංකිකයන්ට හැකියාව පවතින බැවින් ඒ සඳහා අයඳුම් කිරීමට අත්‍යවශ්‍ය ජපන් භාෂා ප්‍රවීණත්වය පාසල් වයසේ සිට ලබාදීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඉදිරි වසර 05ක කාලයේදී ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් 345,000ක් බඳවාගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07ක් සමග ජපානය ගිවිසුම්ගත වී ඇති බවත්, එම රටවල් 07ට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබේ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...