උපකාරක පංති ඇරඹීමේ සූදානමක්

2025 ජනවාරි මස 17 පෙ.ව. 12:43 - {{hitsCtrl.values.hits}}  

නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා පවසන්නේ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලැබෙනු ඇති බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී විශේෂයෙන්ම තීරණය කර තිබෙනවා උපකාරක පංති ආරම්භ කරන්න ළමයි 100ට වඩා අඩු උපකාරක පංති. ඒ සඳහා සෞඛ්‍ය නිර්ණායක ඉක්මනින්ම හදලා ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් පළමුවෙනිදායින් පසුව උපකාරක පංති 100ට අඩු සීමාව තුළ ආරම්භ කරන්න. ඒ අනුව ඉතා ඉක්මනින් එළඹෙන 25වනදා වන විට කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක අපිට ලැබෙයි. ඒ අනුව අපි උපකාරක පංති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා"

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...