2025 මාර්තු මස 31 පෙ.ව. 06:26 - {{hitsCtrl.values.hits}}
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80 ක් සපිරීම නිමිත්තෙන් ජූලි මස 01 වැනි දින පෙරවරු 10.00 සිට මහජනතාවට විවෘත දිනයක් ලෙස එහි පාලන අධිකාරිය ප්‍රකාශයට පත් කොට තිබේ .
මෙම දිනයේ දී විශ්ව විද්‍යාලය වටා ඇති මාර්ගෝපදේශනය සහිත චාරිකාවකට එක්වෙමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨයන් නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමිවේ .
මෙරට පමණක් නොව දකුණු ආසියාවටම වැදගත් පුස්තකාලයක් වශයෙන් සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය නැරඹීමට මෙන්ම නර්තන ගායනා හා සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත විශේෂ කලා සන්දර්ශන නැරඹීමේ අවස්ථාව ද එහිදී ජනතාවට හිමි වෙයි .
විද්‍යාර්ථීන්ගේ සමිති හා සමාජයන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් ද උත්සව භූමිය තුළදී දැක බලා ගැනීමේ අවස්ථාව හිමි වන අතර උසස් අධ්‍යාපනය හදාරන පාසල් සිසුන්ගේ ගැටලු හා විමසීම් වලට පිළිතුරු ලබාදීමට ද එහි සෑම ස්ථානයකම රැඳී සිටින විද්‍යාර්ථීන් සූදානමින් සිටී .
![]() |
diary Read more... |