උපෙළ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසානයට පෙර

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:20 - {{hitsCtrl.values.hits}}  

දැනට අවසන් වී තිබෙන අ.පො.ස. උසස් පළෙ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස අවසානයට පෙර ලබා දීමට හැකිවෙතැ යි ද ඒ අනුව එම දරුවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ප්‍රමාදයක් සිදු නොවනු ඇතැයි ද අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ අද (03දා)  දින මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

“අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මාසය වන විට ලබා දීමට ත් ජූලි මාසයේ උසස් පෙළ සඳහා පන්ති ආරම්භ කිරීමට ත් හැකිවෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යන්නට සිසුන්ට හැකි වේවි.

විශ්වවිද්‍යාල සම්බන්ධ ව දැනට සම්පූර්ණයෙන් ම තිරණයක් ගත නොහැකි නේවාසිකාගාර සම්බන්ධ ගැටලුව නිසයි. මේ පිළිබඳ විසඳුමක් ඉතා ඉක්මනින් ලබා දෙන්නට කටයුතු කරනවා.

හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා කටයුතු කරනවා. විශේෂයෙන් ම එම ප්‍රජාවට එන්නත් ලබාදීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල පටන් ගත යුතුයි.”

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...