උපෙළ හා ශිෂ්‍යත්වය කල් යන ලකුණු

2025 අප්‍රේල් මස 07 ප.ව. 04:42 - {{hitsCtrl.values.hits}}  

2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්විම කල් යාමේ අවදානමක් මතුව ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ, රට තුළ පවතින කොරෝනා වසංගතයත් සමග පාසල් වසා දැමීම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඇතුළු අදාළ බලධාරින් සමග සාකච්ඡා කර නිශ්චිත දින වකවානු තීරණය කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රිසි මාධ්‍ය ප්‍රශ්න පත්‍ර ඇගැයීමේ කටයුතුවලට ද බාධා මතුව ඇත්තේ, කොරෝනා වසංගතය හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බවයි.

ඒ, පළාත් අධ්‍යක්ෂවරුන්, සෞන්දර්ය අධ්‍යක්ෂවරුන්, විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...