උසස් පෙ‍ළ දින තුනකට අත්හිටුවයි

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:38 - {{hitsCtrl.values.hits}}  

අයහපත් කාළගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය ඉදිරි දින තුනේ තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 

ඒ අනුව හෙට( 27) , 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගයට නියමිත විෂයන් එම දිනවල  නොපැවැත්වෙන බව  විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසයි.

නැවතත් 30 දා විභාගය ආරම්භ කර එදින සිට දැනට ඇති කාලසටහනට  අනුව සාමාන්‍ය පරිදි විභාගය පවත්වන බවත් විභාගය නොපවත්වන  27,28,සහ 29 දිනවලට අදාළ විෂයන් දෙසැම්බර් 21 ,22 සහ 23 දිනවල පවත්වන අතර ඒ සඳහා නියමිත සංශෝධිත  කාල සටහන ඉදිරියේදී නිකුත් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...