එමීරයේ සිට ලංකාවට එන වලසුන්, හයිනා හා මියර්කැට්

2025 පෙබරවාරි මස 11 පෙ.ව. 06:42 - {{hitsCtrl.values.hits}}  

සත්ව හුවමාරු ජාතික වැඩ සටහන යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට දුඹුරු වලසුන් යුවළක් ,හයිනා යුවලක් හා මියර්කැට් යුවල් තුනක් මෙරටට අද (10දා) ගෙන්වා තිබේ.

මෙරට සත්ව උද්‍යානවල ප්‍රදර්ශනය සඳහා මෙම සතුන් ගෙන්වා තිබෙන අතර මේ අනුව හයිනා සතුන් රිදියගම සෆාරි උද්‍යානය වෙත හා අනෙකුත් සතුන් දෙහිවල සත්වෝද්‍යානය වෙත මසක නිරෝධායන කාලයක් සඳහා ඇතුළත් කර  ඇත.

නිරෝධායන කාලය අවසන් වූ පසු මෙම සතුන් මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...