එයාලා දැන් ලොකුයි

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:43 - {{hitsCtrl.values.hits}}  

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින රොබින් සහ කෙල්ල යන  ව්‍යාඝ්‍ර යුවලට දාව ඉපදුනු  පිරිමි ව්‍යාඝු පැටවුන් තිදෙනා වන අකීරා, තියෝ, ඩූමා යන  පැටවුන්ගේ  දෙවන උපන් දිනය මාර්තු මස 05 වන දිදෙහිවල ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය  ඇතුලු නිලධාරීන් විසින් සත්වෝද්‍යාන පරිශ්‍රයේදී  සැමරීම  සිදු කරනු ලැබිණි. 

මෙහිදී කෙසෙල් කොලවල එතූ මස් පාර්සල් තුනක් ලබා දෙමින් සැමරීම සිදු කරනු ලැබිණි. මෙම අවස්ථාවට සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත්,  සත්ව භාරකරු තිලක් පුෂ්පකුමාර මහතා ඇතුලු නිධාරීන් සමග නරඹන්නන් පිරිසක්ද සහභාගිවී සිටියහ. 

දෙහිවල එච්.එම්.ධර්මපාල

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...