ක්‍රීඩා උත්සව කල් දමන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:26 - {{hitsCtrl.values.hits}}  

පවතින අධික උෂ්ණත්වයෙන් පාසල් දරුවන් ආරක්ෂාකර ගැනීම උදෙසා පාසල්වල  ක්‍රීඩා උත්සව අප්‍රේල් 24 න් පසු පැවැත්වීමට හැකිවන පරිදි කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (18) දින නිකුත් කළ  ලිපියකින්  විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ. 

ඒ අනුව ඉදිරි මැයි 31 දක්වා පාසල්වල පළමු වාරය ක්‍රියාත්මක බැවින් පළමු වාරයේ දෙවැනි හා තෙවැනි අදියරවලදී පැවැත්වීමට හැකි වන පරිදි මේ වන විට පාසල්වල සැලසුම් කර ඇති වාර්ෂික ක්‍රීඩා උත්සව හා විවිධ එළිමහන් ක්‍රියාකාරකම් අප්‍රේල් 24 දක්වා කල් තබන ලෙස විදුහල්පතිවරුන්ට මෙම ලිපිය මගින්  උපදෙස් දී තිබේ.

සිසුන්ගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව උදෙසා විශේෂ අවධානයක් යොමුකරමින් කටයුතු කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් අත්සන් කර ඇති මෙම ලිපියෙහි  වැඩි දුරටත් සඳහන්වේ.

එමෙන්ම   අයහපත් කාලගුණ තත්වය තව දුරටත් ඉදිරියේදීත් පවතින බවට කාලගුණ දෙපාර්තමේන්තුව මගින් පුරෝකථනය කර ඇති හෙයින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් හා මාර්ගෝපදේශයන් නිරන්තරයෙන් අනුගමනය කරන ලෙස  සියලු පාසල් දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් එච්.එම්.යූ.හේරත් මහතා විසින්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියකින්  දැනුම් දී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...