කුලසිරි බුදවත්ත සමුගනියි

2025 අප්‍රේල් මස 12 ප.ව. 03:58 - 155  

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇ​ත. මියයන විට ඔහු 71 වන වියේ පසු විණි. 

වසරකට අධික කාලයක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් සඳහන් කර සිටියේ​ය.

වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ ශිල්ප හදාරා තිබේ.

මේ වන විට ඒ මහතාගේ දේහය පීසීආර් පරීක්ෂණ සඳහා ගෙන ගොස් ඇති අතර, අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...