කොතලාවල විශ්වවිද්‍යාල රෝහලට පිළිකා සහ අක්ෂි වාට්ටු

2025 ජනවාරි මස 16 ප.ව. 05:27 - {{hitsCtrl.values.hits}}  

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය අනුබදද්ධිත වේරහැර හමුදා රෝහලේ පිළිකා සහ අක්ෂි රෝගීන් පනස්හය දෙනකුට එකවර ප්‍රතිකාර සැපයීමට හැකි වන පරිදි පහසුකම් සහිත වාට්ටු දෙකක් විශ්ව විද්‍යාල උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් විවෘත කරනු ලැබීය.

 ඒ අනුව වේරහැර පිහිටි කොතලාතලාවල  ආරක්ශෂක විශ්වවිද්‍යාලයිය රෝහලේ 15 බී වාට්ටු සංකීර්ණය මේ සඳහා වෙන් කොට ඇති අතර එහිදී පිළිකා රෝගීන්ට කිමෝ තෙරපි සහ ශල්‍යකර්ම මෙන්ම අක්ෂි රෝගීන්ට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් ද සම්පාදනය කොට ඇත.

මෙම රෝහලහලේ දී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගේ අවධානය සහ ලොවේ ඉහළම  තාක්ෂණික  ප්‍රතිකාර මෙම රෝහල් තුළදී  රෝගීන්ට හිමිවීම  විශේෂත්වයකි.

එම  උත්සවය ආරාධිතයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවැත් විණි.

මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...