කොතලාවල විශ්වවිද්‍යාලයේ ශාඛාවක් වයඹට

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 03:30 - {{hitsCtrl.values.hits}}  

වයඹ ජනතාව වෙනුවෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි තවත් ශාඛාවක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති විසින් ඉල්ලීමක් කර ඇති බව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව පිහිටි දක්ශිණ මණ්ඩපයේ නව පරිගණක පීඨය විවෘත කිරීමේ උත්සවයට අද (5) සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේය. 

විශ්වවිද්‍යාලයක්, තම දැනුම ව්‍යාප්ත කිරීමේ හැකියාවෙන් ඔබ්බට ගොස් සිසුන්ට අදාළ කුසලතා, නිවැරදි ආකල්ප වර්ධනය කර ගැනීමට අවස්ථාවන් නිර්මාණය කිරීම සහ දේශීය හා විදේශීය පරිසරයන් තුළ අනාගතයේදී තම යුතුකම් ඉටු කිරීම සඳහා සුදුසු මනසක් ඇතිකිරීමේ පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සෑම විටම සිය ශිෂ්‍ය ප්‍රජාවගේ සංවර්ධනය පිළිබඳ තීරණ ගෙන ඇත්තේ නිවැරදි ආකල්ප පිළිබඳ මානසිකත්වයන් ඇති කරමින් ඔවුන්ගේ අදාළ න්‍යායික හා ප්‍රායෝගික දැනුම වැඩි දියුණු කිරීම සහ අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් බව ඔහු අවධාරණය කළේය.
 
අලුතින් පිහිටුවන ලද පරිගණක පීඨය මගින් මෙම ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට අවස්ථාව සැලසෙන අතර එය උපාධි අපේක්ෂකයින් හට ගුණාත්මක අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීම සඳහා නවීන පහසුකම් වලින් සමන්විත වේ. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එහි ආරම්භයේ සිටම වේගයෙන් සංවර්ධනය වී ඇති අතර එය රටේ ඉහළම අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපතිද වන ‌ජෙනරල් ගුණරත්න අනාවරණය කළේ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ලොව කීර්තිමත්ම ආරක්‍ෂක විද්‍යාපීඨ අතර 4 වැනි ස්ථානයට පත්ව ඇති බවයි. 2022 වර්ෂයේ  ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට (Times Higher Education Impact Ranking), අනුව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ 2 වන ස්ථානයට සහ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයට මෙන්ම ගෝලීය වශයෙන් 801-1000 පරාසයේ ඇති බවයි.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...