කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය ලැබෙයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:21 - {{hitsCtrl.values.hits}}  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට  පිරිනමන පළමු එන්නත් තොගය ලෙස  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ක් 03/07 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන පැමිණියේය.

මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ , යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය  ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. මෙම එන්නත් ඉන්දියාවේ මුම්බායි හි සේරූම් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිපදවා තිබේ.

මෙම එන්නත් තොගය ඉන්දියාවේ මුම්බායි සිට ඩුබායි වෙත රැගෙන ගොස් , යළි ඩුබායි සිට මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි. ගුවන් යානයේ ශීතකරණ තුළ අසුරා තිබූ මෙම එන්නත් තොගය , ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කිරීම සිදු විය.

මෙම එන්නත් 03/08 දින සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ලබා දීම ආරම්භ කරන බව අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දපුල්ලේ මහත්මිය මෙහිදී පැවැසුවාය.

මෙම එන්නත් එසේ ලබා දීමෙන් පසු , ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන අතර ,ඉන්පසුව එම සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ පිරිනමන දෙවන එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...