කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වෙන්න

2025 අප්‍රේල් මස 07 ප.ව. 06:49 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වැඩිහිටියන්ට සාපේක්ෂව කෝවිඩ් වැළඳීමේ හැකියාව දරුවන්ට අඩු නමුත් ඕනෑම දරුවකුට මෙම රෝගය වැළඳිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

ඔවුන් නිකුත් කළ නිවේදනය

“බොහෝ දරුවන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර, තවත් බහුතරයක් මද රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. නමුත් දරුවන් ද උග්‍ර කෝවිඩ් රෝග තත්ත්වයකට පත්වී අසාධ්‍ය විය හැකි අතර සංකූලතා සහ මරණ පවා ඇතිවිය හැකිය. පෙනහලු රෝග, හෘද රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා, වෙනත්  නිදන්ගත රෝග වලින් පෙළෙන සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහිත දරුවන් හට අවදානම වැඩිය.

සමහර දරුවන්ට කෝවිඩ් රෝගය හා සබැඳිව Multisystem Inflammatory Syndrome in Children (MIS-C) නම් බහු ඉන්ද්‍රීය අකර්මණ්‍යතා තත්ත්වය ද ඇති විය හැක. මෙම තත්වය ඇති වන්නේ ඇයිද කියා තාමත් නොදනී. මෙයින්ද  දරුවා අසාධ්‍ය විය හැකියි. බොහෝ දෙනා සුවවේ. ඇතැම් විට මාරාන්තිකයි.

මේ නිසා දරුවන්ට කෝවිඩ් රෝගය ඇතිවීම වළක්වා ගැනීම දෙමාපියන්ගේ සහ සියලු වැඩිහිටියන්ගේ වගකීම වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ, පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් සහ අනෙකුත් ජනතාවගෙන් පහත උපදෙස් පිළිබඳව අවධානය යොමුකොට ඒවා අනුගමනය කිරීමට මෙයින් ඉල්ලා සිටිනු ලැබේ.

  • දරුවන් අනවශ්‍ය ලෙස නිවසින් පිටතට රැගෙන යාමෙන් වළකින්න. අනවශ්‍ය ගමන් බිමන් සඳහා දරුවන් සහභාගී කර නොගන්න.
  • අවුරුදු දෙකට වැඩි සෑම දරුවකුටම මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍යයි. අවුරුදු දෙකට අඩු දරුවන් අනෙකුත් පුද්ගලයින්ගෙන් ඈත්කර තබා ගන්න. සිප ගැනීමට හෝ තුරුළු කර ගැනීමට ඉඩ නොදෙන්න.
  • සබන් හෝ විෂබීජ දියරයකින් නිතර දැන්  සෝදවන්න.
  • කැස්ස හෝ කිඹුහුන් යාමේදී වැලමිට, ලේන්සුවක් හෝ ටිෂු එකක් භාවිතා කරන්න.
  • විෂබීජ නාශක වලින් දරුවන් නිතරම අල්ලන ස්ථාන සහ අනෙකුත් දේවල් පිරිසිදු කරන්න.
  • අනෙකුත් දරුවන් සමග දුරස්ථ ක්‍රමවේද මගින් සම්බන්ධ වීමට උදව් කරන්න.
  • දරුවන්ගේ ඇතිවිය හැකි මානසික අසමතුලිතතා අවම කර ගැනීම සඳහා ඔවුන් සමග විවිධ ක්‍රියාකාරකම් වල නිතරම නියැලෙන්න.
  • නිවසේ කෝවිඩ් රෝගියකු හෝ එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් සිටී නම් දරුවන් එම පුද්ගලයා ගෙන් ඈත් කර තබන්න.
  • පවුලේ කිසියම් අයෙක් නිවසින් පිටතට ගොස් ආපසු පැමිණි විගසම දරුවන් තුරුළු කර ගැනීමෙන් හෝ සිප ගැනීමෙන් වලකින්න.
  • දරුවන් තුළ කෝවිඩ් රෝගයට අදාළ යම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

දරුවාට කොවිඩ් නොවන වෙනත් රෝගී තත්ත්වයක් ඇතිවුවද වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න.”

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...