කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ලංකාවේ තවත් නව නිර්මාණයක්

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:45 - {{hitsCtrl.values.hits}}  

Covid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine)  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා ය. 

මෙම යන්ත්‍රය නිර්මාණය කළ කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යෙයෙක් වන ඩිල්ශාන් අබේවර්ධන මහතා විසින් මෙම යන්ත්‍රය අමාත්‍යවරියගේ නිරීක්ෂණයට යොමු කරන ලදි.

Covid 19 වෛරස් ආසාදනය වේගයෙන් පැතිරී ගිය පසුගිය කාලසීමාව තුළ දී, එය පාලනය කිරීම, පර්යේෂණ කටයුතු, ප්‍රතිකාර කටයුතු ආදිය සඳහා නව නිර්මාණ 780 ක් පමණ මෙරට දී නිර්මාණය විය.

ඒ අතරෙන් එකක් වූ මෙම MCPR යන්ත්‍රය සඳහා මීට මාස කිහිපයකට ඉහතදී පේටනට් බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව ඩිල්ශාන් අබේවර්ධන මහතා විසින්  එය  සීතා අරඹේපොල මහත්මියගේ අවධානයට යොමු කළේය.

එහි දී අරඹේපොල මහත්මිය විසින් එම යන්ත්‍රයේ වැඩි දියුණු විය යුතු විශේෂ අංග කිහිපයක් පිළිබඳව පෙන්වා දුන්නාය. ඒ අනුව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය  (NMRA) ‍සහ කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මඩුල්ලකගේ ද,  සහයෝගයෙන් එම යන්ත්‍රය වැඩි දියුණු කර මේ වන විට ටොස් ලංකා ආයතනය සමග එක්ව වාණිජකරණය කිරීමේ කටයුතු ද සම්පාදනය කර තිබේ. අමාත්‍යවරිය නිරීෂණය කළේ එම වැඩිදියුණු කළ MCPR යන්ත්‍රය වන අතර මේ වන විට මෙරට නව නිපැයුම් විෂය බාර  අමාත්‍යතුමිය ලෙස එය  නිරීක්ණය කිරීම විශේෂත්වයකි.

මෙවැනි යන්ත්‍රයක් විදේශයන්ගෙන් ආනයනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 48 ක් පමණ වැය වන බවත්, මෙරට දී මෙම දේශීය යන්ත්‍රය රුපියල්  ලක්ෂ 2.5 කට නිර්මාණය කළ හැකි බව ඩිල්ශාන් අබේවර්ධන මහතා පැවැසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...