කොළඹ විශ්ව විද්‍යා‍ලයේ නමින් ග්‍රාහකයක් නම් කෙරේ

2025 ජනවාරි මස 03 පෙ.ව. 08:41 - {{hitsCtrl.values.hits}}  

අලුතින් සොයාගන්නා ලද ග්‍රහකයක් කොළඹ විශ්ව විද්‍යාලයේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

කලම්බුනිලංකා  —Colombounilanka˜ යනුවෙන් නම් කර ඇති මෙම ග්‍රහකය මුල්වරට සොයාගෙන ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ආචාර්ය නලින් සමරසිංහ හා ප්‍රකට  තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර්ය.

ඇමරිකා එක්සත් ජනදපයේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට්පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේදී ඔවුන් මෙම ග්‍රහකය හඳුනාගෙන ඇත.

අලුතෙන් සොයාගත් ග්‍රහකයක් නම්කිරීම ද දැඩි මාර්ගෝපදේශ යටතේ සිදුවන අතර ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය එම මාර්ගෝපදේශවලට අනුකූලව  zzColombounilanka˜ ලෙස නව ග්‍රහකය නම් කර තිබේ.

මෙම ග්‍රහකය නම්කිරීම සඳහා මූලිකත්වය ගත් ආචාර්ය නලින් සමරසිංහ මහතා පැවසුවේ විද්‍යා හා මානවශාස්ත්‍ර අධ්‍යාපනයෙහි ශත සාංවත්සරය ද ඉකුත් දා සැමරූ කොළඹ විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුකරන ලද දැවැන්ත මෙහෙවරට ගෞරවයක් වශයෙන්  —Colombounilanka˜ ලෙස මෙම ග්‍රහකය නම් කිරීමට තීරණය කළ බවයි. 

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තාරකා විද්‍යාඥයකුට තමන් විසින් සොයාගන්නා ලද ග්‍රහකයක් නම්කිරීමට ලැබුණු පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.

ලෝකයේ විශ්වවිද්‍යාල වෙනුවෙන් නම් කර ඇති ග්‍රහක ඉතා අඩු බව ද වාර්තා වේ.

—Colombounilanka˜ යනු කිලෝමීටර් 1 - 2 අතර ප්‍රමාණයෙන් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය කලාපයේ පවතින ග්‍රහකයකි.

මෙම ග්‍රහකය ඉතා තියුණු දූරදර්ශකයක් මගින් නිරීක්ෂණය කළහැකිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...