ගල්කිස්සට ජෙලි ෆිෂ් ‌ගොඩ ගසයි

2025 මාර්තු මස 28 ප.ව. 08:50 - {{hitsCtrl.values.hits}}  

මෙවර වාරගන් කාලයත් සමග ගල්කිස්ස වෙරළ තීරයේ විෂසහිත ජෙලිපිෂ් වර්ගයක් ගොඩ ගසා ඇති බැවින් සංචාරකයන් රල පෑගීමෙන් හා මුහුදු ජලය පරිහරණය කිරීමෙන් වලකින ලෙස ධීවර ජනතාව ඉල්ලා සිටී .

මෙම විෂ සහිත ජෙලිපිෂ් ශරීරයේ දැවටීම  නිසා එම විෂ ශරීරගතවී ඇගේ පලු දැමීම අධික කැසීම , ඇතිවන අතර හෘදයාබාධ පවා ඇතිවීමටද හේතුවන බැවින් ගොඩ ගසා ඇති එම ද්‍රව්‍ය පෑගීමෙන් වලකින ලෙසටත් ධීවරයින් ඉල්ලා සිටී .

මෙම සතූන් ගැඹුරු මුහුදේ සිටින බවත්, මේ දිනවල පවතින වාරගන් කාලය නිසා මුහුදු රළ සමග ගොඩ බිම දෙසට ගසාගන ඇවිත් වැලිතලාවේ මෙසේ තැන්පත්වී තිබෙන බවත් සංචාරයින් එම ද්‍රව්‍ය පෑගීමෙන් වලකින ලෙසටත් දැනුම් දීමක්ද කර සිටී .

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...