ගුරු විදුහල්පති අකුරට වැඩ කිරීමෙන් ශිෂ්‍යත්ව ළමුන්ට අසාධාරණයක්

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 07:09 - {{hitsCtrl.values.hits}}  

ගුරු විදුහල්පති වැටුප් ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (22) සිට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වීමට සූදානම් වන සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි දෙමව්පියෝ පවසති.

කැලණිය අධ්‍යාපන කලාපයේ බොහෝ පාසල්වල පාසල් වේලාවෙන් පසුව පැය දෙකක පමණ කාලයක් ශිෂ්‍යත්ව පංතියේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට අතිරේක පංති පවත්වමින්  ඉගැන්වීම් කටයුතු සිදු කලත් මෙම අකුරට වැඩකිරීමේ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් බොහෝ පාසල්වල එම අතිරේක පන්ති නොපවත්වන බවත් ශිෂ්‍යත්ව විභාගයට තව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් බවත්දෙමව්පියෝ පවසති.

මෙම සති දෙක තුළ ගුරු විදුහල්පති වරු අදාළ රාජකාරී කටයුතු පමණක් ඉටකරන බැවින් අතිරේක වැඩ නොකරන බවත්, අපගේ වෘත්තීය සමිතිවලට පරිභාහිරව සිටි න ඇතැමුන් ඒ ඒ වෘත්තීය සමිතිවලට අනුගතව කටයුතු කරන බවත් ඒ අනුව ඇතැමුන් අතිරේක පංති පවත්වන බවත් ඒ සදහා අපගේ වෘත්තීය සමිතිවල කිසිදු බලපෑමක් නොමැති බවත් විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක මහතා පැවසීය 

බියගම පද්මසිරි රණතුංග

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...