චීනය දෙන පාසල් නිල ඇදුම් තොගයේ පළමු තොගය ජන 6දා ලංකාවට

2025 ජනවාරි මස 16 පෙ.ව. 03:15 - {{hitsCtrl.values.hits}}  

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.

චයිනා එයිඩ් හරහා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ පළමු නිල ඇඳුම් තොගය මේ වන විට ෂැංහායි නුවරින් නැව්ගත කර තිබේ. එම නිල ඇඳුම් තොගය රැගත් නෞකාව ලබන වසරේ ජනවාරි 6 වැනිදා වන විට කොළඹ වරායට සේන්දු වීමට නියමිතය.

මෙම නිල ඇඳුම් තොගයේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අවශ්‍ය නිල ඇඳුම් වර්ග හතරක් ඇතුළත් වෙයි. එම රෙදි තොගයේ සම්පූර්ණ දිග මීටර් මිලියන 3.01කි. මෙම රෙදි තොගය පෙට්ටි  37692ක අසුරා ඇති අතර එය කන්ටේනර් 20කට ඇසුරුම් කර තිබේ.  

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...