චීනය දෙන පාසල් නිල ඇඳුම්වලින් පළමු කොටස දෙසැම්බරයේදී ගෙන එයි

2025 ජනවාරි මස 16 පෙ.ව. 06:21 - {{hitsCtrl.values.hits}}  

චීනය විසින් ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන පාසල් නිලඇඳුම්වලින් පළමු කොටස ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට අද (20දා) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. ලබන වසර සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම්වලින් සියයට 70ක් චිනය ප්‍රධානයක් වශයෙන් ලංකාවට ලබාදිමට  නියමිතය.

මේ සඳහා අවශ්‍ය පිරිවිතරයන් මේ වන විටත් චීනයට යොමුකර ඇති බවත් ඒ අනුව සකස් කළ නිල ඇඳුම්වලින් පළමු කොටස ලබන මස ලංකාවට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පැවැසීය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...