චීනය මිනිසුන් සහිත අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මූලික මොඩියුලය 2021දී මුල් භාගයේදී

2024 නොවැම්බර් මස 17 පෙ.ව. 11:52 - {{hitsCtrl.values.hits}}  

චැන්ෂා, (ෂින්හුවා) - චීනය සිය මිනිසුන් සහිත අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික මොඩියුලය 2021 මුල් භාගයේදී දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මූලික මොඩියුලය හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ ස්ථානයෙන් Long March -5B Y2 රොකට්ටුවක් මගින් අභ්‍යාවකාශ ගත කිරීමට නියමිත බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරු ෂෝ ජියැන්පින් මහතා පැවසීය.

මූලික මොඩියුලය පිළිබඳ පරීක්ෂණ අවසන් කර ඇති අතර ගගනගාමී පුහුණුවීම් සිදු කෙරෙමින් පවතී.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු 2022 දී පමණ අවසන් කිරීමට නියමිතය. ඉදිකිරීම් ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරේ. මූලික මොඩියුලය දියත් කිරීම ඇතුළුව අභ්‍යාවකාශ මෙහෙයුම් 6ක් සිදුකිරීමට නියමිතය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...