2025 අප්‍රේල් මස 09 පෙ.ව. 11:56 - 215
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආහාර අර්බුදයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
මෙහි වටිනාකම ඩොලර් මිලියන 2.5ක් බවත් එයට ප්‍රවාහන වියදම්ද ඇතුළත් බව චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් පිරීම නිමිත්තෙන් හා රබර් - සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් මෙම පරිත්‍යාගය කරන බව තානාපති කාර්යාලය පවසයි.
මෙම සහල් තොගය හැකි ඉක්මනින් ලංකාවට ලබාදීමට දෙපාර්ශ්වය කටයුතු කරමින් සිටින බවත් තානාපති කාර්යාලය පවසයි.
තමන්ට හැකි උපරිමයෙන් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා කටයුතු කරන බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
![]() |
diary Read more... |