චීනයෙන් වඳුරු උණ රෝගියෙක් හමුවෙයි

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 09:34 - {{hitsCtrl.values.hits}}  

මෑතකදී චීනයට පැමිණි පුද්ගලයෙකුට වඳුරු උණ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙය චීනයෙන් වඳුරු උණ ආසාදිතයෙක් වාර්තා වූ පළමු අවස්ථාව වෙයි. 

නිරිතදිග නගරයක් වන චොංකිංහි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ COVID-19 සඳහා නිරෝධායනය වෙමින් සිටියදී පුද්ගලයෙකු මෙසේ වඳුරු උණ රෝල ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.

චීනයේ ශුන්‍ය-COVID ප්‍රතිපත්තිය යටතේ, රටට ඇතුළු වන පුද්ගලයන් සාමාන්‍යයෙන් පැමිණීමෙන් පසු සති 1 ත් 2 ත් අතර හුදකලාව සම්පූර්ණ කළ යුතුය.

සමේ කැක්කුම ඇතුළු රෝග ලක්ෂණ වර්ධනය වීමෙන් පසු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව නගර සෞඛ්‍ය කොමිසම වාර්තාවක සඳහන් කර ඇති අතර එය  “ආනයනික ආසාදනයක්” ලෙස වර්ගීකරණය කර ඇත.

රෝගියා "නම් කරන ලද රෝහලක මධ්‍යගත හුදකලාවකට භාජනය වෙමින් සිටින අතර ස්ථාවර තත්ත්වයක සිටී", යැයි එම වාර්තාව පවසයි.

නගරයට ඇතුළු වූ වහාම රෝගියා හුදකලා කර ඇති නිසා, "සමාජ සම්ප්‍රේෂණය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති අතර සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩුය", එය පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...