චීනයේ අඟහරු රෝවරය හෙළිකළ නව අනාවරණය

2025 මාර්තු මස 31 ප.ව. 11:05 - {{hitsCtrl.values.hits}}  

චීනයේ අඟහරු ගවේෂක ෂුරොන්ග් රෝවරය විසින් රැස් කරන ලද මූලික දත්තවලින් පෙනී යන්නේ එය ගමන් කළ භූ දර්ශනය අතීතයේදී සුළඟින් සහ ජලයෙන් පවා සුසැදි දීර්ඝ කාලගුණයකට යටත්ව තිබී ඇති බව යැයි නිව් සයන්ටිස්ට් ජර්නලය අනාවරණය කරයි.

මෙම අධ්‍යයනය චීනයේ හර්බින් තාක්ෂණික විද්‍යායතනයේ ලියෑන්ග් ඩින්ග් සහ ඔහුගේ කණ්ඩායම විසින් නේචර් ජියෝසයන්ස් යන ශාස්ත්‍රීය සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

ෂුරොන්ග් රෝවය පසුගිය මැයි මාසයේදී රතු ග්‍රහලෝකයේ උතුරු පහත් බිම්වල විශාල තැනිතලාවක් වන අඟහරු ග්‍රහයා මත යූටෝපියා ප්ලැනීටියා යන කලාපය වෙත ගොඩබස්වා තිබුණි. රතු ග්‍රහලෝකයේ භූ විද්‍යාත්මක ව්‍යුහය සහ මතුපිට සංයුතිය අධ්‍යයනය කිරීම සඳහා රෝවරය පස් සහ දූවිලි සාම්පල මෙන්ම ඡායාරූප ලබාගෙන ඇත.

බොහෝ පාෂාණ එක් පැත්තක කැටයම් සහ කට්ටවලින් වැසී ඇති බව අධ්‍යයනයෙන් සොයාගන්නා ලද අතර, ඒවා වැලි වලින් තද සුළං ඛාදනය අත්විඳිය යුතු බව පෙන්නුම් කරයි. සමහර පාෂාණවල පතුරු සහිත මතුපිට ස්වභාවයක් පෙන්නුම් කරන අතර, එය අධ්‍යනයේ නිරත කතුවරුන්ට අනුව සාමාන්‍යයෙන් ජලයේ බලපෑම යටතේ ඇති වන ප්‍රතිඵලයකි.

අඟහරු ග්‍රහයාගේ යූටෝපියා ප්ලැනීටියා ප්‍රදේශය නිරීක්ෂණය කළ පළමු වැනි රෝවරය ෂූරොන්ග් නොවන අතර, වර්ෂ 1976 දී නාසා හි වයිකින්ග් 2 ලෑන්ඩරය මෙම ප්‍රදේශයට පැමිණ තිබුණි. ඔවුන් එම පාෂාණ බැසෝල්ටික් හෙවත් තද පාෂාණ හා සම්බන්ධ ලාවා කොටස් ලෙස විශ්ලේෂණය කරන ලදී.

කෙසේ වෙතත්, ෂුරොන්ග් ගොඩබැස්වූ ස්ථානයේ ඇති පාෂාණ බැසෝල්ටික් ලාවා මෙන් නොපෙනෙන බව වාර්තාවේ දැක්වේ. ඒ අනුව ඇමෙරිකාවේ වයිකින්ග් 2 වෙතින් බලාපොරොත්තු වූවාට වඩා සංකීර්ණ භූ විද්‍යාත්මක පරිණාමයක් චීනයේ ෂුරොන්ග් යෝජනා කරන බව එක්සත් රාජධානියේ ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජෝන් බ්‍රිජර්ස් පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...