2025 ජනවාරි මස 17 පෙ.ව. 12:44 - {{hitsCtrl.values.hits}}
චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ චන්ද්‍ර ගවේෂණ හා අභ්‍යවකාශ වැඩසටහන් මධ්‍යස්ථානයට අනුව, චැංග්-4 ගවේෂණ යානයේ ලෑන්ඩර් යානය සහ රෝවරය පසුගිය 29දා වනවිට චන්ද්‍රයා මත පෘථිවි දින 1,000ක් වැඩ කර ඇති බව පවසයි.
ලෑන්ඩර් යානය සහ යූටු-2 රෝවරය හොඳ තත්ත්වයේ ඇති අතර, සඳ මතුපිට විද්‍යාත්මක ගවේෂණය දිගටම කරගෙන යාමට හැකි බවත් චීනය පෙන්වා දෙයි.
චැංග්-4 ගවේෂණ යානයේ යූටු-2 රෝවරය මීටර් 839.37ක් ගමන් කර ඇති අතර, ගිගාබයිට් 3,632.01 දත්ත එකතු කරගැනීමට සමත්ව තිබේ.
චන්ද්‍ර ගවේෂණ හා අභ්‍යවකාශ වැඩසටහන් මධ්‍යස්ථානය විසින් පර්යේෂණයේ නවතම සොයා ගැනීම් අඛණ්ඩව ප්‍රකාශයට පත් කෙරේ.
2018 දෙසැම්බර් 8දා දියත් කරන ලද චැං-4 ගවේෂණ යානය 2019 ජනවාරි 3දා සඳෙහි දකුණු ධ්‍රැවීය අයිට්කන් ද්‍රෝණියේ වොන් කර්මන් ආවාටයට ප්‍රථම වරට මෘදු ගොඩබෑමක් සිදුකරන ලදී
නරේන් විශ්වජිත් (www.ada.lk)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |