චීනයේ යෝධ පැන්ඩා යළිත් ඇමරිකාවට

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 06:56 - {{hitsCtrl.values.hits}}  

ඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමග පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය පියවර ගනී. 
 
ඔස්ට්‍රියාවේ Tiergarten Schönbrunn සත්වෝද්‍යානය සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පිළිබඳ නව ගිවිසුමක් අත්සන් කර ඇති බව චීන වනජීවී සංරක්ෂණ සංගමය නිවේදනය කර ඇත. එසේම, "Yunchuan" සහ "Xinbao" නමැති යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකු ඇමරිකාවේ San Diego සත්වෝද්‍යානය වෙත පිටත් කිරීමත් සමග චීන-ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා යළි ආරම්භ වී ඇති බව ද එම සංගමය කියාසිටී.  
 
වසර 20 කට අධික කාලයක් තිස්සේ චීනය අදාළ සත්වෝද්‍යාන සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පවත්වා තිබේ.  චීන -ඔස්ට්‍රියානු හා චීන -ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ඔස්සේ එම සතුන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු වනු ඇත. එය ගෝලීය ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමට මෙන්ම චීන ජනතාවගේ ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද දායක වන බව චීන බලධාරීන් පෙන්වා දී තිබේ. 
 
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ කරුණු අනාවරණය කළේ විදේශ අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අරෝෂා සමරදිවාකර (චිනයේ සිට)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...