ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලියක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:25 - {{hitsCtrl.values.hits}}  

ජල ක්‍රීඩා වෙත ඇති කැමැත්ත සහ හැකියාව ඉදිරි පරම්පරාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි තිස්ස විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ජල ක්‍රීඩා තරගාවලියක් 2021 අප්‍රේල් මස 05 වන දින ත්‍රිකුණාමලය වරායේ පෙපර්පොට් (Pepperpot) ජැටිය ඉදිරිපිට මුහුදේදී පැවැත්වීම සඳහා නැගෙනහිර නාවික විධානය විසින් කටයුතු කළ අතර, මෙම තරගාවලිය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ මඟ පෙන්වීම යටතේ හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනය සහ  නාවික හා සාගරික විද්‍යාපීඨයේ නාවික ශිල්පීය පාසල විසින් සංවිධානය කෙරිණි.

 මෙම තරගාවලිය ත්‍රිකුණාමලය කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක සහ පළාත් හා කළාප අධ්‍යාපන නිලධාරීන් ඉදිරියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලද අතර, එහිදී ‘කායක්’ තරග ඉසව් ශිෂ්‍යාවන් සඳහා විවෘත, 6 සහ 7 ශ්‍රේණි, 9,10 සහ 11 ශ්‍රේණි වශයෙන් ඛාණ්ඩ තුනක් (03) ලෙස සහ ගුරුභවතුන් සඳහා එක් කායක් ඉසව්වක් වශයෙන් මෙම තරගාවලිය පැවැත්විණි. එමෙන්ම නාවික හමුදා රුවල්ඔරු සංචිතය සමග තිස්ස විද්‍යාලයේ සිසුන් එක්ව ප්‍රදර්ශනාත්මක රුවල් ඔරු තරගයක් ද පැවැත්වූ අතර, එහිදී Whaler pulling ඉසව්වක්ද පැවැත්විණි. මෙහිදී මෙම ජල ක්‍රීඩා තරග ඉසව්වන්ගෙන් දක්‍ෂතා දැක්වූවන් දිරිමත් කිරීම සඳහා ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 සති දෙකකට ආසන්න කාලයක් ජල ක්‍රීඩා සම්බන්ධයෙන් පැවැත්වූ සාර්ථක පුහුණු වැඩසටහනක් අවසානයේ පැවැත්වූ මෙම ජලක්‍රීඩා තරගාවලිය නිරීක්‍ෂණය සඳහා ත්‍රිකුණාමලය පළාත් හා කළාප අධ්‍යාපන  කාර්යාලයේ නිලධාරීන්, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, විධානයේ අණදෙන නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ත්‍රිකුණාමලය නගරය අවට පාසල්වල විදුහල්පතිවරුන්, තිස්ස විද්‍යාලයේ සිසු දරුවන්, ගුරුභවතුන් පිරිසක් මෙන්ම නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...