2024 නොවැම්බර් මස 18 පෙ.ව. 06:02 - {{hitsCtrl.values.hits}}
වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව මහජන ප්‍රදර්ශනයට විවෘත බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි.
ලාංකේය ඉතිහාසය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රීලාංකේය ආර්ථික ඉතිහාසය සම්බන්ධයෙන් සුවිශේෂි තොරතුරු රාශියක් මෙම තෝණිගල සෙල්ලිපි මගින් අනාවරණය වේ.
මෙම ගල් තලාවේ ප්‍රධාන සෙල්ලිපියට අමතරව තවත් සෙල්ලිපි දෙකක් පිහිටා ඇත. ඊට අමතරව වෘත්තාකාර පුරාවිද්‍යා ව්‍යුහ 2ක්, කණු පාදම් සහිත ස්ථානයක් සහ පොකුණු දෙකක් අවට දැකගත හැකිය. ප්රාග් ඓතිහාසික ශිලා මෙවලම් සාධකද ගල් තලාවේ තැනින් තැන විසිර පවතී.
මෙම සෙල්ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය රජු (ක්‍රී.ව. 303-331) විසින් කරවා ඇත. එහි ආරාම පාලනය, ආගමික චාරිත්‍ර, ධාන්‍ය තැම්පත් කළ වෙළඳ මධ්‍යස්ථානයක පොළී ක්‍රම සහ මුදල් ක්‍රම පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වේ .
එය වර්තමානයේ බැංකුවකට සමාන ස්ථානයකි. වී සඳහා 50 % ක පොළියක් ද අනෙක් ධාන්‍ය සඳහා 25% ක පොළිවක් ද ගෙවූ බව දක්වයි. එසේම මෙම කාලයේ යළ මහ සහ මැද යනුවෙන් කන්න තුනකට වී වගා කළ බව ලිපියේ සඳහන්ව තිබේ. එමෙන්ම ‘යහිස පවත’ විහාරය වර්තමාන මඩුකන්ද ශ්‍රී දළදා විහාරය බව ඇතැම් විද්වතුන්ගේ පිළිගැනීමයි.
සෙල්ලිපි අක්ෂර පිටපත් කර ගැනීමේ අවස්ථාව සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මණතුංග මහතාගෙ උපදෙස් පරිදි අභිලේකන හා නාණක විද්‍යා අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් අභිලේකන හා නානක විද්‍යා අංශයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරීන් පිරිසක් විසින් තෝණිගල සෙල්ලිපි නැවත පිටපත්කරගැනීම සිදුකරන ලද අතර ඒසඳහා වව්නියාව දිස්ත්‍රීක් පුරාවිද්‍යා කාර්යාලයේ සහකාර අධ්යක්ෂ ආර්.ජී ජයතිලක මහතා, ප්‍රාදේශීය ගවේෂක පියුම් පෙරේරා මිය, පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී වික්‍රමසිරි පියදාස, සංවර්ධන නිලධාරී අනුරාධ බණ්ඩාර යන අය පූර්ණ සහය ලබා දී ඇත.
(රොමේෂ් මධුෂංඛ-ලංකාදීප)
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |