දකුණේ පාසල් 6ක් හෙට විවෘත කරන්නේ නැහැ

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 03:43 - {{hitsCtrl.values.hits}}  

දකුණු පළාතේ  හෙට(11) දින පාසල් 6ක් ආරම්භ නොකරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
 
දැනට හුදකලා කර ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ තුන්දුව  හා මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල   යෝනකපුර  යන ප්‍රදේශවල  සහ  ඒ ආසන්නයේ පිහිටි පාසල්  6  විවෘත නොකරණ බවද ඒ මහතා පවසයි. ඒ  අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි තුන්දුව මුස්ලිම් විද්‍යාලය, ජේ.ඩි ධර්මසේන විද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ පිහිටි  යෝනකපුර මිල්හාර ජාතික පාසල දික්වැල්ල කුමාරතුංග මුනිදාස පාසල, වැලිගම අරිපා ජාතික පාසල වැලිගම මුස්ලිම් විද්‍යාලය  හෙට (11) විවෘත නොකරණ බවද ඒ මහතා පවසයි.
 දකුණු පළාතේ සෙසු පාසල් සුපුරුදු පරිදි සෞඛ්‍ය නිර්දේශ අනුව හෙට දින විවෘත කරන බවත්   දිනපතා සෞඛ්‍ය තත්වය පිළිබද සමාලෝචනය කරණ බවත්  පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේඛම්වරයා පවසයි.
 දකුණු පළාතේ පළාත් සභා පාසල් 1045ක් හා ජාතික පාසල් 67ක්  තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...