දඹුල්ල කළුදිය පොකුණේ භාරකාරත්වය මහනුවර උසස් බාලිකාවට

2025 ජනවාරි මස 23 පෙ.ව. 03:37 - {{hitsCtrl.values.hits}}  

2020 පුරාවිද්‍යා සතියට සමගාමී ව පාසල් දරුවන් රටේ ජාතික උරුමය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් කිරීමේ අභිලාෂය පෙරදැරි ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

විදුහලේ ශිෂ්‍යාවන්ගේ පර්යේෂණ හා විෂයානුබද්ධ කටයුතුවලට යොදා ගත හැකි වන පරිදි ක්ෂේත්‍රයේ සුළු නඩත්තු සිදු කරමින්, ශ්‍රමදාන මෙහෙයවීමට මෙමගින් ශිෂ්‍යාවන්ට අවස්ථාව උදාවේ.

මහනුවර උසස් බාලිකා විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත විදුහලේ ඉතිහාස විෂය අධ්‍යයන අංශයේ සිසිර වික්‍රමසිංහ මහතා මෙම වැඩසටහනේ විදුහල් සම්බන්ධීකාරක ලෙස ද, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ චංචල දේපළ අධ්‍යක්ෂ විරාජ් එන් බාලසූරිය මහතා දෙපාර්තමේන්තු සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කරති.  එහි සමාරම්භය පසු ගිය දා විරාජ් එන් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේ දී සිදු වුණු අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.

( ඇන්ටන් විජේරත්න විසිනි )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...