2025 මාර්තු මස 28 ප.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
දරුවන් අතර මේ දිනවලදී විශේෂ චර්ම රෝගයක් පැතිර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (13දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය විය.
ඒ අනුව ඊට එක්ව සිටි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කර සිටියේ, සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන මෙවැනි අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බවයි.
රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වූ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ජනතාව දැඩි නොසන්සුන්තාවට පත් වන බවත්, එසේම නොසන්සුන් තත්ත්ව හේතුවෙන් තවත් අමතර සෞඛ්‍ය ගැටලු නිර්මාණය වන බවත් විශේෂඥ වෛද්‍යවරුන් එහිදී වැඩිදුරටත් චෝදනා කර සිටියහ.
![]() |
diary Read more... |