2025 ජනවාරි මස 03 පෙ.ව. 09:26 - {{hitsCtrl.values.hits}}
තනිව ජීවත් විය නොහැකි තත්වයේ පසුවන දුර්ලභ අටුවෙස් බස්සා පැටවුන් තිදෙනෙකු අනතුරට ලක්ව සිටියදී පුත්තලම ප්‍රදේශයේදී මුදා ගැණුන බව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි.
කුමන හෝ හේතුවකින් මව ගෙන් වෙන්ව ,මෙම අටුවෙස් බස්සා පැටවුන් තිදෙනා වන රොදක ගසක් යට වැටී සිටියදී මෙලෙස මුදාගෙන ඇති බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි .
මෙම බස්සා පැටවුන්ට බරපතල අනතුරක් සිදුව නොමැති බවද මේ වන විට ඔවුන් හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවද ,මොවුන් තනිව ජීවත් විය හැකි වයසට එලඹුන පසුව රක්ෂිත කැලයකට මුදා හැරෙන බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන් කලේය .
නිකවැරටිය ප්‍රියානි මංගලිකා
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |