දෙහිවල කොවිඩ් කාලයේ උපන් අයට නම් දෙන්න අවස්ථාවක්

2025 අප්‍රේල් මස 09 ප.ව. 04:30 - {{hitsCtrl.values.hits}}  

කෝවිඩ් සමයතුළ දෙහිවල සත්වෝද්‍යානයේදී  උපත ලද  ඔරෙක්ස් ගවපැටියා , සිලූබූරු  පැටියා , හිපෝ පැටියා , බූරු පැටියා යන පැටවුන් සඳහා නම්තැබීමේ වැඩ සටහනක් සමග තෑගි ලබාදීමටද සැලසුම් සකස් කරනු ලැබිණැයි දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂක ජෙනරාල්  ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසීය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිරසාර සංවර්ධන වැඩ සටහනට අනුව රුපියල් මිලියන 67 ක රජයේ ප්‍රතිපාදන යොදවා මීට වසර දෙකකට පෙර වැඩ ආරම්භ කර මේ වනවිට වැඩ අවසන් කර  ඇති  හිපෝ අරණ සදහා හිපෝ  සතුන් මුදා හැරීම සදහා  පැවති මාධ්‍යය හමුවේ අදහස් පලකරමින් එසේ පැවසීය .

සතුන්ගේ සුභ සාධන වැඩි කරමින් කූඩුවලින් බැහැරව ගතකලහැකි ඉඩකඩ සහිත සත්ව අරණවල් නිර්මාණය කර ඒ තුල සතුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සැලසීමත් සිදු කරනු ලබන බවත් , ඒ අනුව මේ වනවිටත් සිංහයන් සදහා සිංහ අරණත් , වදුරන් සදහා වදුරු දූපතක්ද ඇති කිරීමට කටයුතූ කර තිබන බවත් අධ්‍යක්ෂවරිය පැවසීය .

දෙහිවල එච්.එම්. ධර්මපාල

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...