දෙහිවලට ආ අය පිනවූ සගයෙක් සමුගනියි

2024 දෙසැම්බර් මස 29 පෙ.ව. 02:11 - {{hitsCtrl.values.hits}}  

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑණු සත්වයන් අතරින් බාලම ගෑණු සත්වයා අද ( 22දා) අළුයම 5.30 ට පමණ හදසියේ මිය ගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය.

මේ වනවිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ජිරාෆ් ගෑණු සතුන් තිදෙනකු සිටින අතර වයස 19 , 21 , 23 වයස්වල පසුවන අතර  ඉන් බාලම ගෑණු සත්වයා උදෑසන ආරක්ෂක නිලධාරීන් රාජකාරී පරීක්‍ෂණ කටයුතු සඳහා යන අතර වාරයේ එ එළි මහන් පිටිටනියේ වැතිර සිටිනු දැක පාලනාධිකාරිය දැනුවත් කරනු ලැබ ඇ .

මෙම සත්වයින් අප්‍රිකානු වනාන්තර නිජබිම කරගන වාසය කරන අතර වසර 25 ක් - 30 ක් ජීවත්වන  බවත් ශාඛ කොල වර්ග හා පලතුරු වර්ග එලවලු වර්ග ආහාරයට ගන්නා බවත්  එම ප්‍රකාශකයා කියා සිටී .   

මේ අනුව සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් හා අධ්‍යක්ෂවරු කාර්ය මණ්ඩලය ඒකාබද්ධව මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කරගන යනු ලබන බවත්, මෙම සත්වයා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටි බැවින් හදිසියේ  මිය යාමට හේතුව සොයා පශූ වෛද්‍ය වරුන් විසින් එම ස්ථානයේදී මරණ පරීක්ෂණ කටයුතූ සිදුකරගන යනු ලබන බවත් වැඩි දුරටත්  එම ප්‍රකාශකයා පැවසීය .

දෙහිවල එච්.එම්. ධර්මපාල

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...