දෙහිවලින් ජනතාව හමුවට එන අලුත් අමුත්තෝ

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 07:09 - {{hitsCtrl.values.hits}}  

ජාතික සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ පසුගිය පෙබරවාරි මස 10 වනදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ " කැපිටල් සත්වෝද්‍යානයෙන්  දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ මියර් කැටි ජෝඩු හයක් මාසයකට අධික කාලයක් සත්වෝද්‍යානයතුල පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු ලැබ ඉකුත් 26 වනදින මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා පැවසීය .

මෙම සත්ව ජෝඩු හය මේ වනවිට වයස අවුරුදු 2 ත් 6 ත් අතර පසුවනු ලබන අතර, උපරීම වශයෙන් වසර 15 ක කාලයක් ජීවත්වන බවත්, ලෝකයේ වැඩි වශයෙන් අප්‍රිකාව හවාන තණබි හා කදු ආශ්‍රිත කැලෑබද වාසය කරනු ලබන සත්ව විශේෂයක්ද වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මෙනවිය පැවසීය. 

දෙහිවල එච්.එම්. ධර්මපාල

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...