දේශීය සේලයින් සිහිනය යථාර්තයක් වෙයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 04:51 - {{hitsCtrl.values.hits}}  

දීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ "දේශීය සේලයින්" නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ කර්මාන්තශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 1 දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අද හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අනුව සැප්තැම්බර් මස 1 දින සිට සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුල් කරන මූලික නික්ෂේපන ද්‍රාවණ [Sterile Liquid Large Volume Parentals] සියල්ල කුණ්ඩසාලේ කර්මාන්ත උද්‍යානයේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SPMC) ලාංජනය යටතේ රෝහල්වලට සැපයෙනු ඇතැයි ඔහු පවසයි.

සේලයින් ඇතුළු මූලික නික්ෂේපන ද්‍රාවණ මිලදී ගැනීමට පමණක් දිනකට රජය රුපියල් ලක්ෂ 50 වැය කරයි. මෙතෙක් කල් එම මුදල ඩොලර් ලෙස විදේශ වෙත ඇදී ගියේය. දේශීය නිෂ්පාදනය මගින් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 5 ක පමණ ශුද්ධ ඉතිරියක් ලඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන අතර සේලයින් බෝතල් මිලියන 25 ක් වාර්ෂිකව අපනයනය කිරීමට ද සැලසුම් කර ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...