නව පහසුකම් සහිත ආණමඩුව කාර්මික විද්‍යාලය විවෘත කරයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:25 - {{hitsCtrl.values.hits}}  

රුපියල් මිලියන 420ක් වැය කරමින් නව පරිශ්‍රයක නවීන පහසුකම් සහිතව ස්ථාපිත කළ ආණමඩුව කාර්මික විද්‍යාලය හා නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  අතින් අද දින පස්වරුවේ සිසු අයිතියට පත් විය.

සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ චින්තනය මුදුන්පත් කිරීමට කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව තුළින් නිපුණතාවයෙන් පිරි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ අරමුණින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම සහ මැදිහත්වීමෙන් ආණමඩුව නගරාසන්නයේ මෙම නව කාර්මික විද්‍යාලය ඉදි කර තිබේ.

1993 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම කාර්මික විද්‍යාලයේ පාඨමාලා ආරම්භ කර ඇත්තේ 1996 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටි සමයේදීය.

නගරයෙන් පරිභාහිරව පිහිටා තිබීම හා කාර්මික විද්‍යාලයේ පැවති සීමිත ඉඩකඩ හේතුවෙන් එය නව භූමි භාගයක් තුළ රජයේ පූර්ණ ප්‍රතිපාදන යටතේ ඉදි කර ඇත.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිවීමත් සමඟ පුත්තලම් දිස්ත්‍රික්කයේ තරුණ පරපුරට කාර්මික පාඨමාලා රැසක් සඳහා අවස්ථාවන් විවර වන අතර වාර්ෂිකව සිසුන් 600 කට පමණ කාර්මික අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව උදා වේ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...