2025 ජනවාරි මස 07 පෙ.ව. 03:26 - {{hitsCtrl.values.hits}}
සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අනුව නැකතට පැළයක් - ජාතික රෝපණ නැකත මෙවරත් සැමරීමට කටයුතු යොදයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතරට රුක් රෝපණ නැකතක් එකතු කිරීම අනුව දැනට වසර දෙකක් තිස්සේ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතත් එකතු කර තිබේ.
ඒ අනුව පසුගිය වසර දෙක තුළ ජාතික රුක් රෝපණ නැකත් චාරිත්‍රය නැකතට පැළයක් යනුවෙන් නම් කර පැවැත්වීමට කටයුතු යොදනු ලැබීය.
2023 වසරේ අලුත් අවුරුදු චාරිත්‍ර අනුව ජාතික පැළ සිටුවීමේ නැකත 2023 අප්‍රේල් මස 20 දින පෙරවරු 6.38 යෙදී තිබේ.
නැකතට පැළයක්- ඵලයක් දෙන පැළයක් සිටුවමු යන තේමාව යටතේ මෙවර ජාතික රුක් රෝපණ නැකත පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ සියලුම ආයතන මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය කාර්යාලවල ඵල දරන හාක රෝපණය කිරීම සඳහා මෙවර ප්‍රමුඛත්වය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඊට සමගාමීව ජාතික උත්සවය කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පැවැත්වීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම නැකතට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පැළ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද දින (04) කටයුතු යොදා තිබිනි.ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට පලතුරු පැළ ලබා දීම සිදු කළේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |