පණු කරඳ ශාක ඇත්නම් තොරතුරු ඉල්ලයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:18 - {{hitsCtrl.values.hits}}  

පණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.

‘පණු කරඳ’ විනාශ වී ඇතැයි සිතා සිටි ශාකයකි. නමුත් මේ වන විට පණු කරඳ ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇත. එහෙත් මෙම පණු කරඳ ශාක ලංකාවේ විවිධ පෙදෙස් වල ඇති බැව් ආරංචි වෙමින් පවතී.

ඔබ සිටින ප්‍රදේශයක හෝ ඔබ දන්නා ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහාම පහත ලිපිනයට හෝ දුරකථන අංකයට දැනුම් දීමෙන් ගස සංරක්ෂණය කිරීමට දායක වන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා සිටියි.

එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර

ලේකම්

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය

දුරකථන අංකය -    0113671490

ෆැක්ස්                  -    0112879051

ඊ. මේල්                -    info@msdw.gov.lk

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...