පරිසරය වෙනුවෙන් චීනය ගත් අපූරු තීරණය

2024 නොවැම්බර් මස 21 පෙ.ව. 11:51 - {{hitsCtrl.values.hits}}  

යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙය යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය කියයි.

එසේම, මෙය චීනයේ මවු ගංගාව ලෙස සැලකෙන යැංසි නදියේ ජීව ශක්තිය යළි ගොඩනැගීම සඳහා වන වැදගත් ක්‍රියාමාර්ගයක් වන බව එම කාර්යාලය මගින් නිකුත් කෙරුණු ලේඛනයක දැක්වේ.
 
අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු මෙම මත්ස්‍ය තහනමට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම කෙරෙහි ඉහළ ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බව ද දැනුම් දී ඇත. මෙහිදී සම්බන්ධීකරණ හා අධීක්ෂණ කටයුතුවල මෙන්ම නීතිමය යාන්ත්‍රණයන් හි මනා ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කෙරේ. 
 
යැංසි ගංගාව ආශ්‍රිතව වෙසෙන, දුර්ලභ සහ වඳ වී යාමේ අවදානමට ලක් ව සිටින ජීව විශේෂ සංරක්ෂණය, සත්ත්ව වාසස්ථාන වැඩිදියුණු කිරීම මෙන්ම පාරිසරික තත්ත්ව වැඩිදියුණු කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද මෙම මාර්ගෝපදේශ මාලාවෙන් ඉල්ලීමක් කෙරේ.  

අරෝෂා සමරදිවාකර (චීනයේ සිට)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...