2025 ජනවාරි මස 01 ප.ව. 12:26 - {{hitsCtrl.values.hits}}
කුණු යනු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ප්‍රශ්නයක් නොවේ. එය සමස්ත ලෝකයටම පොදු වූ ප්‍රශ්නයක්. කසළවලදී නොදිරන කසළ යනු පාරිසරික වශයෙන් දැවැන්ත ප්‍රශ්නයක්. එහිදී ප්ලාස්ටික්වලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්.
ලෝකය පුරා වසරකට නිපදවන ප්ලාස්ටික් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 300ක් පමණ බව වාර්තා වෙයි. මෙය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක්ම දූෂණය කිරීමට ප්‍රමාණවත්.
කෙසේ වෙතත් මෙම ගැටලුව සඳහා වෙනස්ම ආකාරයක විසඳුමක් ලබාදීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබෙයි. ඔවුන් ප්ලාස්ටික් ආහාරයට ගත හැකි පනුවෙක් හඳුනාගෙන ඇත.
ස්පාඤ්ඤයේ කැන්ටබ්‍රියා විශ්වවිද්‍යාලයේ සංවර්ධන ජීවි විද්‍යාඥවරියක මෙම සංකල්පය මුලින්ම හඳුනාගෙන ඇති අතර, පසුව එය ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරුවන් පිරිසක් දියුණු කර තිබේ. මෙම පනු විශේෂයට සාමාන්‍ය ප්‍රමාණයේ පොලිතීන් බෑගයක් විනාඩි 40ක පමණ කාලයකින් ආහාරයට ගෙන අවසන් කළ හැකි බව සඳහන් වෙයි.
මී වදවල ඉටි ආහාරයට ගන්නා පනු විශේෂයක් ප්ලාස්ටික් බෑගයක දමා තිබියදී එහි ස්ථාන කිහිපයක සැලකිය යුතු ප්‍රමාණයක සිදුරු තිබී ඇතිව තිබේ.
මේ පිළිබඳව දිගින් දිගටම කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් අනුව මෙම පනුවන් 100ක් රාත්‍රිය පුරාවටම පොලිතීන් මිලිග්‍රෑම් 92ක් ආහාරයට ගෙන තිබුණි. ඒ අනුව පනුවන් 100කට මාසයකට ග්‍රෑම් 5.5ක ප්ලාස්ටික් බෑගයක් ආහාරයට ගත් හැකි බව ගණන් බලා තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |